අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 14ක් සැපයීම සඳහා චීනය මූල්‍ය ප්‍රදානයක් යොදාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි
2022-11-30 17:30:45
Share with:

අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 14ක් සැපයීම සඳහා චීනය විසින් ලබා දී ඇති ඇ ඩො මිලියන 28ක ප්‍රදානය යොදාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කරයි.  

ඔහු තවදුරටත් පවසන්නේ කටකතාවල සඳහන් පරිදි අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක් නොමැති බවය. 

රට තුළ අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක් පැවතීම පිළිබඳව පැතිර යන තොරතුරු සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

තවද, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අවශ්‍යතා සපුරාලීම සඳහා ඉන්දියානු ණය මාර්ගයෙන් ඩොලර් මිලියන 200 ක ප්‍රතිපාදන වෙන් කර ඇති බව ද අමාත්‍යවරයා පැහැදිලි කළේය.

ගුවන් විදුලිය
20230923සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම