ලබන වසරේදි සහල් මෙට්‍රික් ටොන් අටදහසක සංචිතයක් පවත්වා ගැනීමට සැලසුම්
2022-11-30 17:30:04
Share with:

ලබන වසරේදි සහල් මෙට්‍රික් ටොන් අටදහසක සංචිතයක් පවත්වා ගැනීමට සැලසුම් කර ඇතැයි වෙළෙඳ වාණීජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි. මෙවර අයවැයෙන් ඒ සදහා රුපියල් කෝටි 10 ක් වෙන් කර තිබේ. සුඵ හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් වෙනුවෙන් ක්‍රියාත්මක චක්‍රීය ණය යෝජනා ක්‍රමය සදහා ලබන වසරට වෙන් කර ඇති මුදල රුපියල් කෝටි 05 කි. එම යෝජනා ක්‍රමය දිස්ත්‍රික් මට්ටමින් දිස්ත්‍රික් සහල් නිපදවන්නන්ගේ සමුපකාර සමිති මගින් ක්‍රියාත්මක කෙරේ. එම සමුපකාර සමිති තෝරාගන්නා සහල් මෝල් හිමියන්ට වාරික හයකින් ගෙවා නිම කිරීමට මෙම ණය මුදල චක්‍රීය ක්‍රමයට පිරිනැමෙනු ඇත.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම