චීන හා ලාඕස ජනාධිපතිවරුන් අතර හමුවක්
2022-11-30 19:48:51
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ලාඕස ජනාධිපති Thongloun Sisoulith මහතා සමග සාකච්ඡාවක් පවත්වයි.

අද (30) එම සාකච්ඡාව බෙයිජිං අගනුවර මහජන මහ ශාලාවේදී වැත්විණ. චීනය හා ලාඕසය අතර අන්‍යෝන්‍ය විශ්වාසය හා පූර්ණ සහයෝගිතාව මත පදනම් වන ,  දිගුකාලීන ස්ථාවර මිත්‍ර සම්බන්ධතාවක් පවත්වාගෙන යාමේ වැදගත්කම එහිදී අවධාරණය විය. චීනය හා ලාඕසය සුහද අසල්වැසියන් , මිතුරන්, සහෝදරයන් හා හවුල්කරුවන් ලෙස ‍දේශපාලන, ආර්ථික හා සංස්කෘතික වශයෙන් සමීප වී පොදු ඉරණමක් සහිත චීන-ලාඕස හවුල අඛණ්ඩව ගොඩ නගනු ඇති බවට දෙපාර්ශ්වය එකඟ වී ඇත.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම