චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි මධ්‍යම කාරක සභාවේ හත් වැනි පූර්ණ සැසිවාරයේ ප්‍රකාශනය පිළිබඳ චීන ජනාධිපතිවරයාගේ ලිපිය ප්‍රකාශයට පත් කෙරේ
2022-11-30 17:14:01
Share with:

දෙසැම්බර් පළමුවැනිදා ප්‍රකාශයට පත්කෙරෙන, Qiushi සඟරාවේ 23 වැනි කලාපයේ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති සහ මධ්‍යම හමුදා කොමිසමේ සභාපති ෂී ජීන් පිං මහතාගේ වැදගත් ලිපියක් පළකෙරේ. ඒ, “චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි මධ්‍යම කාරක සභාවේ හත් වැනි පූර්ණ සැසිවාරයේ දෙවැනි සැසියේ ප්‍රකාශනය” යන තේමාවෙනි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රසය යනු චීන කොමියුනිස්ට් පක්ෂය හා චීන ජනතාව සම්පූර්ණයෙන් ම සමාජවාදී නවීකරණ රටක නව ගමනට එක් වීමේ තීරණාත්මක සමයේ පැවති වැදගත් සම්මේලනයක් බව එම ප්‍රකාශනයෙන් සඳහන් වේ. චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන ජාතික කොංග්‍රසයට ඉදිරිපත් කෙරුණු වාර්තාවෙන් ගෙවී ගිය වසර 5 තුළ සිදු කළ කාර්යයන් හා නව ව යුගයේ වසර 10 තුළ මහා ප්‍රතිසංස්කරණය සිහිපත් කර තිබේ. ඉන් නව යුගයේ නව ගමනේ පක්ෂයේ හා රටේ වර්ධනය, දෙවන සියවස් ඉලක්කය බිහි කිරීම වෙනුවෙන් ඉදිරි දිශාව පැහැදිලි කරමින් ක්‍රියාකාරී මාර්ගෝපදේශය තහවුරු කර ඇත.

චීන කොමියුනිස්ට් පක්ෂය, පක්ෂ සාමාජිකයන් මිලියන 96කට වැඩි පිරිසක් හා බිම් මට්ටමේ පක්ෂ සංවිධාන මිලියන 4.9ක් සහිත විශාල පක්ෂයකි. චීන ජාතිකයන් බිලියන 1.4ක් සම්පූර්ණයෙන්ම සමාජවාදී නවීකරණ රටක් බිහි කිරීමේ හා චීන ජනතාවගේ ශ්‍රේෂ්ඨ පුනර්ජීවනය ප්‍රවර්ධනය කිරීමේ ඓතිහාසික වගකීම චීන කොමියුනිස්ට් පක්ෂය භාර ගන්නා බව එම ප්‍රකාශනයෙන් අවධාරණය කෙරේ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම