අලුතින් කර්මාන්තපුර දහයක්
2022-11-30 17:27:04
Share with:

කර්මාන්තපුර දහයක් අලුතින් ආරම්භ කරන බව කර්මාන්ත අමාත්‍යංශයේ අතිරේක ලේකම් රංජිත් විමලසුරිය මහතා කියයි. කර්මාන්තපුර සංවර්ධනය සදහා මෙවර අයවැයෙන් රුපියල් කෝටි සියයක් වෙන් කර තිබේ. ජනමාධ්‍ය අමාත්‍යංශය හා කර්මාන්ත අමාත්‍යංශය එක්ව සූම් තාක්ෂණය ඔස්සේ පැවති රැස්වීමකදී ඔහු සදහන් කළේ දිවයින පුරා කර්මාන්තපුර 33 ක් මේ වනවිට ක්‍රියාත්මක බවයි. හදුනාගත් කර්මාන්ත ක්ෂේත්‍ර 21 ක් සදහා උපදේශක කමිටු පිහිටුවා එමගින් ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට අපේක්ෂා කෙරේ. කර්මාන්තකරුවන් ඉලක්ක කර ණය ව්‍යාපෘති දෙකක් දැන් ක්‍රියාත්මකයි. එමගින් සියයට 08 ක පොළියක් යටතේ රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක ණය මුදලක් ලබාගත හැකිය. මෙරට සමස්ත අපනයන ආදායමෙන් සියයට 25 ක් වැවිලි ක්ෂේත්‍රයෙන් ලැබී තිබේ.

ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම