අන්‍යෝන්‍ය අවබෝධය සහ අන්‍යෝන්‍ය ගරුත්වය සංකේතවත් කෙරෙන චීන රුවන්ඩා සහයෝගීතාවය
2022-11-29 08:42:10
Share with:

රුවන්ඩාවේ වර්තමාන ජනාධිපතිවරයා වන්නේ Paul Kagame මහතායි. 2000 වර්ෂයේ දී ජනාධිපති ධූරයට පත් ඔහු සිය නායකත්වය යටතේ රුවන්ඩාවේ ජාතික සාමය සහ සංහිඳියාව ස්ථාපිත කිරීමට සමත් වුණා. ඔහු සියයට 7ක සාමාන්‍ය වාර්ෂික ආර්ථික වර්ධන වේගයක් සාක්ෂාත් කර ගනිමින්, ආර්ථික ස්ථාවරත්වය ද ඇති කිරීමට සමත් වුණා. මෑතක දී චීන මාධ්‍ය සමූහයේ වාර්තාකරුවෙකු සමග සිදු කළ සාකඡාවක දී තම රටේ සංවර්ධන ගමන්මග සහ චීනය සමඟ පවතින මිත්‍රශීලී සම්බන්ධතාවය පිළිබඳව ඔහු අදහස් ප්‍රකාශ කර තිබෙනවා.

 

ගෙවුණු දශක දෙකක කාලය තුළ රුවන්ඩාව යහපත් ලෙස වර්ධනය වී තිබෙන්නේ වර්ෂ 2000 දී  ඉදිරිපත් කෙරුණු "2020 සංවර්ධන දැක්මට" අනුවයි. එහි සඳහන් ඉලක්කයන්ගෙන් සියයට 80ත්-85ත් අතර ප්‍රමාණයක ඉලක්ක සම්පූර්ණයෙන් සාක්ෂාත් කර ගැනීමට රුවන්ඩාවට හැකි වුණා.අවසන් නොවූ  සියයට 15ක පමණ කොටස අප ඉගෙන ගත යුතු පාඩම ලෙස සැලකිය යුතු බවත් රුවන්ඩා ජනාධිපතිවරයා පවසා තිබෙනවා. මෙහි දී  විශේෂයෙන්ම රුවන්ඩාවේ යටිතල පහසුකම් සංවර්ධනයේ දී චීනය ඉතා වැදගත් කාර්යභාරය ඉටු කළ බව ද ඔහු සිහිපත් කළා.එමෙන්ම තම රටේ සෞඛ්‍ය, අධ්‍යාපන ඇතුළු ක්ෂේත්‍රයන්හි සංවර්ධනය සඳහා ද චීනය කැපවී කටයුතු කළ බව ද ඔහු සඳහන් කර තිබෙනවා.


මේ වන විට  රුවන්ඩාවේ විශාලතම ඉංජි‍නේරු කොන්ත්‍රාත් පාර්ශ්වය වන්නේ චීනයයි.එමෙන්ම රුවන්ඩාවේ විශාලතම වෙළඳ හවුල්කරුවා වන්නේ ද චීනයයි. චීනයේ සහයෝගීතාවය මත ඉදි කෙරුණු මහා මාර්ග,කර්මාන්ත ශාලා රට පුරා දැකිය හැකි බව ද Paul Kagame මහතා ප්‍රකාශ කළා.


විද්‍යුත් වාණිජ ක්ෂේත්‍රයේ දෙරට අතර පවත්නා සමීප සහයෝගීතාව හේතුවෙන්,සැතපුම් ගණනක් ඈතින් පිහිටි රුවන්ඩාවේ නිෂ්පාදනය කෙරුණු කෝපි හා මිරිස් නිෂ්පාදිත, චීන පාරිභෝගිකයින් හට පරිභෝජනය කිරීමට ද හැකිවීම පිළිබඳ ව තමන් ඉතා සතුටු වන බව ද Paul Kagame මහතා ප්‍රකාශ කළා.


චීනය සහ රුවන්ඩාව අතර පවතින මිත්‍රශීලී සම්බන්ධතාවය හඳුන්වා දීමට "සහයෝගීතාවය" යන වචනය වඩා සුදුසු බවයි ජනාධිපති  Paul Kagame මහතා ප්‍රකාශ කළේ. චීනය අපගේ චින්තනය තේරුම් ගෙන,අපගේ අරමුණු අවබෝධ කර ගැනීමේ පදනම මත අපට සහයෝගය ලබා දීමට සෑම විටම කැමැත්තෙන් සිටිනවා. චීනය කිසි විටක පටු අරමුණු මත ඉල්ලීම් නොකළ බවත්,සෑම විටම ද්විපාර්ශවික සහයෝගීතාවයෙන් කටයුතු කළ බවත්  ඒ මහතා ප්‍රකාශ කළා.මෙමගින් දෙරටෙහි ශක්තිමත් සහයෝගීතාව‍ය, අන්‍යෝන්‍ය අවබෝධය හා අන්‍යෝන්‍ය ගරුත්වය සංකේතවත් කරන බව ද ඔහු වැඩිදුරටත් එම මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කර තිබෙනවා.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම