සුහද අසල්වැසියන් වශයෙන් සමීපව ඉදිරියට යන චීනය හා මොංගෝලියාව
2022-11-29 20:28:57
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඊයේ (28) සවස සංචාරයක් සඳහා චීනයට පැමිණ සිටින මොංගෝලියානු ජනාධිපති Ukhnaagiin Khurelsuh මහතා හමු විය. අස්ථාවර ජාත්‍යන්තර පරිසරය හමුවේ මොං‍ගෝලියාව සමග එක්ව පොදු ඉරණමක් සහිත චීන-මොංගෝලියානු හවුල ගොඩ නගමින් ද්විපාර්ශ්වික උපාය මාර්ගික හවුල්කාරීත්වය තවදුරටත් ඉදිරියට ගෙන යමින් දෙරටේ ජනතාව වෙනුවෙන් වඩාත් සුබසිද්ධි ගෙන එන්නට චීනය කැමති බව චීන ජනාධිපතිවරයා එහිදී පැවසීය.

චීනය හා ‍මොංගෝලියාව අතර කිලෝමීටර් 4700ක පමණ දේශසීමා මායිමක් පවතී.කොවිඩ් වසංගතය උද්ගත වීමෙන් පසු මොංගෝලියාව චීනයට සහය පළ කරමින් බැටළුවන් 30 දහසක් පරිත්‍යාග කළේ ය.චීනය කෙළෙහි ගුණ සලකා මොංගෝලියාවට ආපසු තිළිණ කළේ තේ කොළ ය.මොංගෝලියාවේ කොවිඩ් වසංගතය පැතිර යාමෙන් පසු චීනය කිසිදු පැකිලීමකින් තොරව මොංගෝලියාවට විවිධාකාර කොවිඩ් මර්දන සහායන් ලබා දුන්නේ ය. දෙරට සුහද අසල්වැසියන් හා කල්‍යාණ මිතුරන් බව ඉන් මැනවින් පිළිබිඹු විය.

ද්විපාර්ශ්වික සම්බන්ධතා ස්ථාවර ව පවත්වාගෙන යාම දෙරටේ මූලික යහපතට ගැලපෙන බව ෂී ජින් පිං මහතා එම හමුවේදී පැවසීය. දෙරටේ  තේරීම්වලට ගරු කරමින් එකිනෙකාට සහය වෙමින් ද්විපාර්ශ්වික සම්බන්ධතා තහවුරු කිරීමට චීනය හා මොංගෝලියාව කැමැත්තෙන් සිටී. එම නායක දෙපළ හමුවීමෙන් පසු නිකුත් කෙරුණු ඒකාබද්ධ නිවේදනයට අනුව දෙපාර්ශ්වය සහයෝගිතා ලියවිලි 16කට අත්සන් තබා ඇත. චීනයේ වේගවත් සංවර්ධනය තුළින් ජවය ලබා ගනිමින් චීනය සමග එකම රිද්මයට ඉදිරියට ගමන් කිරීමට මොංගෝලියාව කැමති බව චීනයේ සිටින මොංගෝලියානු තානාපතිවරයා කියා සිටී. චීනය හා මොංගෝලියාව සුහද අසල්වැසියන් වශයෙන් ඉදිරි සංවර්ධන මාවතේ අත්වැල් බැඳගෙන කටයුතු කරනු ඇතැයි විශ්වාස කෙරේ..

ගුවන් විදුලිය
20230607බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම