ඇමරිකාවේ මූල්‍ය අවපාතය ඕනෑම අවස්ථාවක සිදුවිය හැකි බවට එරට බැංකු ආර්ථීක විද්‍යාඥයෙකුගෙන් ප්‍රකාශයක්
2022-11-29 11:24:34
Share with:

ඇමරිකාවේ මූල්‍ය අවපාතය ඕනෑම අවස්ථාවක සිදු විය හැකි බව එරට බැංකු ක්ෂේත්‍රයේ ආර්ථීක විද්‍යාඥයෝ පවසති.

එයට හේතු වන්නේ, ඇමරිකාවේ ප්‍රධාන ආර්ථීක දර්ශක අවපාත අදියරේ පැවතීම හෝ මාස කිහිපයක එම අදියරට පිවිසෙමින් පැවතීම බව එරට බැංකු ආර්ථික විද්‍යාඥ හැරිස් මහතා ඊයේ (28) පැවසීය. ඇමරිකානු ශ්‍රම වෙළඳෙපොළ තවමත් වර්ධනය වෙමින් පවතින බවට ඇතැමුන් විශ්වාස කළ ද, ගෙවී ගිය මාස 12 ක් තුළ එරට රැකියා නියුක්ති වර්ධන ප්‍රවණාතාව සෘණාත්මක ව පවතී. එම තත්ත්වය අඛණ්ඩව පවතින්නේ නම් 2023 ගිම්හාන කාලය වන විට රැකියා නියුක්තිය අඩු වනු ඇතැයි හැරිස් මහතා සඳහන් කළේය. 

ඩෙන්මාර්කයේ Danske බැංකුවේ ආර්ථික විද්‍යාඥයෙකු ද මීට සමාන අදහස් දක්වා තිබේ. ඇමරිකාවේ උද්ධමන පීඩනය දිගටම පවතිනු ඇති අතර,  එරට ෆෙඩරල් සංචිතය මූල්‍ය  ප්‍රතිපත්ති දැඩි කිරීම අඛණ්ඩව සිදුකරනු ඇත.  මේ නිසා 2023 දෙවන කාර්තුවේ සිට ඇමරිකානු ආර්ථිකය අවපාතයකට ලක් වීම ආරම්භ වියහැකි බව ඔහුගේ විශ්වාසයයි. 

 

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම