ලෝක ආර්ථික ප්‍රකෘතිය සඳහා චීනයේ ශක්තිය අඛණ්ඩව
2022-11-29 19:00:46
Share with:

ලෝක බැංකුවේ හිටපු ආර්ථික විද්‍යාඥයෙකු මෑතකදී සම්මුඛ සාකච්ඡාවකදී පෙන්වා දුන්නේ, චීන ආර්ථිකයේ තිරසර සංවර්ධනය ලෝක ආර්ථිකයට නව ජීව ශක්තියක් ගෙන එනු ඇති බවයි. උසස් තත්ත්වයේ සංවර්ධනයක් සඳහා චීනයට පුළුල් අපේක්ෂාවන් ඇති බව එම ආර්ථික විද්‍යාඥයා විශ්වාස කරන අතර, මෙය ගෝලීය ආර්ථික ප්‍රකෘතිය සඳහා වැඩි විශ්වාසයක් සහ අවස්ථා ගෙන දෙනු ඇතැයි ද හෙතෙම සඳහන් ‍කළේ ය.

මේ පිළිබඳ චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Zhao Lijian මහතා පෙන්වා දුන්නේ, ගෙවී ගිය වසර 10 තුළ චීන ආර්ථිකයේ සාමාන්‍ය වර්ධන වේගය 6.6% ක් වූ අතර, ලෝක ආර්ථික වර්ධනයට චීනයේ සාමාන්‍ය දායකත්වය 30% ඉක්මවා ඇති බවයි.

පසුගිය වසරේ චීනය ලොව දෙවන විශාලතම ආර්ථිකය සහ විශාලතම වෙළඳ රට විය. චීනය සැමවිටම විවෘත ලෝක ආර්ථිකයක් වෙනුවෙන් පෙනී සිටින සහ එය ප්‍රවර්ධනය කරන්නෙකි.

වඩාත් පුළුල් පරාසයක, වඩාත් පුළුල් ක්ෂේත්‍රයක සහ වඩාත් ගැඹුරු මට්ටමකින් බාහිර ලෝකයට විවෘත වීම චීනය අඛණ්ඩව ක්‍රියාත්මක  කරනු ඇතැයි, Zhao Lijian මහතා සඳහන් කළේ ය.

චීනය වඩාත් ඉහළ මට්ටමේ විවෘත ආර්ථික ක්‍රමයක් ගොඩනඟනු ඇති බවත්, ලෝක ආර්ථික ප්‍රකෘතිය සඳහා චීනය අඛණ්ඩව ශක්තිය ලබා දෙනු ඇති බවත්, ඔහු එහිදී කියා සිටියේ ය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම