චීනයට මෝටර් රථ ප්‍රමිතිකරණ ඇකඩමියක්
2022-11-29 10:08:39
Share with:

චීනයේ මෝටර් රථ ප්‍රමිතිකරණ පර්යේෂණ ඇකඩමිය ස්ථාපනය කෙරේ.

මෙම පර්යේෂණ ඇකඩමිය ඊයේ (28)චීනයේ Tianjin නගරයේ දී විවෘත කෙරිණ. චීනයේ ප්‍රවාහන ප්‍රමිතිකරණය පිළිබඳ පර්යේෂණ  හා යෙදුම්වල නිරත එකම විශේෂ විද්‍යා පර්යේෂණ ආයතනය මෙයයි. 

මෝටර් රථ ක්ෂේත්‍ර‍යේ ජාතික ප්‍රමිතීන් සහ කර්මාන්ත ප්‍රමිතීන් පිළිබඳ තාක්ෂණික කළමනාකරණ කටයුතු හා සම්බන්ධ සියලු වගකීම් එම ඇකඩමිය වෙත පැවරේ. එමෙන්ම  එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහ වෙනත් ජාත්‍යන්තර මෝටර් රථ ප්‍රමිතීන් පිළිබඳ නීති සම්බන්ධීකරණය හා නීති සම්පාදන කටයුතුවලට ද එම ඇකඩමිය චීනය ‍නියෝජනය කරමින් එක් වනු ඇත.

නව මෝටර් රථ තාක්ෂණ ක්‍රමවේද 10ක ප්‍රමිතිකරණ පර්යේෂණ කෙරෙහි අවධානය යොමුකරමින් නව ප්‍රමිතීන් 80 කට වැඩි සංඛ්‍යාවක් සකස් කිරීමට එම ඇකඩමිය සූදානමින් සිටී. සංවර්ධිත රටවල් හා එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ හා සම්බන්ධ රටවල් සමඟ ජාත්‍යන්තර මෝටර් රථ ප්‍රමිතීන් සකස් කිරීමේ ව්‍යාපෘති 15කට එම පර්යේෂණ ඇකඩමිය එක්වනු ඇත. 

 


ගුවන් විදුලිය
20240326අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම