දකුණු චීන මුහුදට අනවසරයෙන් පැමිණි ඇමරිකානු යුද නෞකාවක් චීනය පිටුවහල් කරයි
2022-11-29 14:35:28
Share with:

නීත්‍යනුකූල නොවන අයුරෙන් චීනයේ Nansha දූපත් සමූහ ගල්පර ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කළ ඇමරිකානු යුද නෞකාවක් චීනය පිටුවහල් කරයි.

චීනයේ දකුණු ප්‍රදේශ සටන් කලාපයේ ප්‍රවෘත්ති ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ කර්නල් Tian Junli මහතා මේ බව පැවසීය.

ඔහු පවසන්නේ, ඇමරිකාවේ USS චාන්සලර්ස්විල් මිසයිල නෞකාව  අනවසරයෙන් චීනයේ එම මුහුදු ප්‍රදේශයට අද(29) පිවිසුණු බවයි. ඇමරිකාවේ මෙම ක්‍රියාව චීනයේ ස්වෛරීභාවය හා ආරක්ෂාව දැඩි ලෙස උල්ලංඝනය කර තිබේ. මෙය, ඇමරිකාව දාමරික නාවික ක්‍රියා මගින් දකුණු චීන මුහුද හමුදාකරණය කිරීම පිළිබඳ තවත් සාක්ෂියකි.

දකුණු චීන මුහුදට අයත් දූපත් සමූහය ආශ්‍රිත මුහුදු ප්‍රදේශවල අවිවාදිත ස්වෛරීත්වය චීනය සතු බව Tian Junli ජ්‍යෙෂ්ඨ කර්නල්වරයා පවසා ඇත. එසේම, අනතුරු ඇඟවීමේ තත්ත්වයක චීන හමුදාව සෑම විටම පසුවන අතර, ජාතික ස්වෛරීභාවය හා දකුණු චීන මුහුදු කලාපයේ සාමය හා ස්ථායිතාව තරයේ ආරක්ෂා කරන බව ද හෙතෙම කියාසිටී.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම