ජාතික ආරක්ෂාව තහවුරු කිරීම හොංකොං පාලනයේ ව්‍යවස්ථාපිත වගකීම බව එහි මධ්‍යම රජයේ සම්බන්ධතා කාර්යාලය කියයි
2022-11-29 12:42:18
Share with:

ජාතික ආරක්ෂාව දැඩි ලෙස තහවුරු කිරීම, හොංකොං හි පාලනයේ ව්‍යවස්ථාපිත වගකීම බව හොංකොං විශේෂ පරිපාලන කලාපයේ, චීන මධ්‍යම රජයේ සම්බන්ධතා කාර්යාල ප්‍රකාශක කියාසිටී. එසේම එය පවත්වා ගත යුතු මූලික මට්ටම බව ද ඔහු පෙන්වා දී ඇත.

හොංකොංහි ප්‍රධාන විධායක නිලධාරි Lee Ka Chiu මහතා නීත්‍යනුකූලව, ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් නිශ්චිත කරුණු පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කිරීමට මධ්‍යම රජයට සහාය වෙමින් හොංකොං විශේෂ පරිපාලන කලාපයේ ව්‍යවස්ථාපිත අනුපිළිවෙල ස්ථාවරව පවත්වාගෙන යන බව හෙතෙම ඊයේ(28) කියාසිටියේය.

කලක් තිස්සේ හොංකොංහි ජාතික ආරක්ෂාව සම්බන්ධ නඩු විභාගවලට විදේශීය රජයන් සහ ඇතැම් දේශපාලනඥයන් විවෘතව මැදිහත් වී ඇත. එම ක්‍රියාවන් චීනයේ අභ්‍යන්තර කටයුතුවලට සහ විශේෂ කලාපීය කටයුතුවලට කෙරෙන ප්‍රචණ්ඩ මැදිහත්වීම් වන අතර, ඒවා දැඩි ලෙස හෙළා දකිමින් ප්‍රබල විරෝධය පළකරන බව ද මධ්‍යම රජයේ සම්බන්ධතා කාර්යාල ප්‍රකාශකයා පෙන්වා දුන්නේය.

"එක් රටක ක්‍රම දෙකක්" යන ප්‍රතිපත්තිය හොංකොං සතු පුළුල් ශක්තිය යි.  හොංකොං හි පොදු නීති පද්ධතිය පවත්වාගෙන යාමට සහ එහි අධිකරණ හා නීති පද්ධති වැඩිදියුණු කිරීමට මධ්‍යම රජය පූර්ණ සහයෝගය ලබා දෙන බව ද හෙතෙම අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම