චීන විදේශ අමාත්‍යවරයා හා මොංගෝලියානු විදේශ අමාත්‍යවරිය අතර හමුවක්
2022-11-29 10:15:58
Share with:

චීන රාජ්‍ය මණ්ඩල සාමාජික සහ විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා, මොංගෝලියානු විදේශ අමාත්‍ය Batmunkh Battsetseg මහත්මිය හමුවෙයි. 

මොංගෝලියානු ජනාධිපති Ukhnaagiin Khurelsukh මහතාගේ චීන සංචාරයට සමගාමීව මෙම හමුව ඊයේ (28) සිදු කෙරිණ.

චීන-මොංගෝලියා සබඳතාවල ධනාත්මක ගම්‍යතාව දෙරටේ පොදු අවශ්‍යතා සඳහා පමණක් නොව කැළඹිලි සහිත ලෝකයට ස්ථාවරත්වයක් ලබා දෙන බව එහිදී වැන්ගි යී මහතා පැවසීය.

දෙපාර්ශවය, පක්ෂ සහ රටවල් අතර පාලන අත්දැකීම් තවදුරටත් බෙදා ගැනීමටත්, දෙරටේ සංවර්ධනය සහ සමෘද්ධිය සඳහා සහයෝගතාවය සහ සම්බන්ධීකරණය ශක්තිමත් කරමින්, දෙරට අතර පොදු ඉරණමක්  සහිත  ප්‍රජාවක් ගොඩනැගීමේ දිශානතිය සඳහා, ඒකාබද්ධ උත්සාහයන් ගැනීමට චීනය සූදානම් බවත් වැන්ග් මහතා වැඩි දුරටත් සදහන් කළේය.

චීනය විසින් යෝජනා කරන ලද වැදගත් මුලපිරීම් මාලාවක් සඳහා මොංගෝලියාවේ සහාය ප්‍රකාශ කළ Battsetseg මහත්මිය, ද්විපාර්ශ්වික සබඳතා නව දිශානතියකට ගෙනයාම සඳහා චීනය සමඟ ප්‍රධාන ව්‍යාපෘති ඉදිරියට ගෙන යාමට බලාපොරොත්තු වන බවද පැවසුවා ය.



ගුවන් විදුලිය
20230322බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම