චීනයේ විදේශ වෙළෙඳ අංශයේ ස්ථාවර වර්ධනයක්
2022-11-29 17:04:09
Share with:

චීනයේ විදේශ වෙළෙඳ ස්ථාවරත්වයේ සහ ගුණාත්මක දියුණුවේ සංවර්ධන ප්‍රවණතාව වෙනස්වී නොමැති බව, චීන ජාත්‍යන්තර වෙළඳ ප්‍රවර්ධන කවුන්සිලයේ ප්‍රවෘත්ති ප්‍රකාශක Sun Xiao මහතා අද(29) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

මෙම වසරේ මුල් මාස 10ක් තුළ, චීනයේ විදේශ වෙළඳාම සාමාන්‍යයෙන් ස්ථාවර මට්ටමක පැවති අතර ප්‍රගතියක් ද අත්කර ගෙන තිබිණ.ආනයන හා අපනයන මුළු වටිනාකම, මුළු අපනයන වටිනාකම හා මුළු ආනයන වටිනාකම, වෙන් වෙන් ව ඉතිහාසයේ එම කාලපරිච්ඡේදය තුළම නව ඉහළ අගයක් වාර්තා කර තිබේ.

වර්තමානයේ නව කොරොනා වසංගතය නැවත නැවතත් පැතිරීම, භූ දේශපාලන ආතතීන් අතර ලෝක ආර්ථිකයේ අවදානම වඩාත් කැපී පෙනේ.

එවැනි පසුබිමක් තුළ චීනයේ විදේශ වෙළෙඳ අංශය අභියෝග රැසකට මුහුණ දී සිටී. චීන ජාත්‍යන්තර වෙළඳ ප්‍රවර්ධන කවුන්සිලය සිය ශක්තීන් භාවිත හා සියලු සම්පත් මනාව යොදා ගනිමින් විදේශ වෙළඳාම ස්ථාවර කිරීම සඳහා ඒ ඒ කාර්යයන් මැනවින් සිදු කරනු ඇති බව, Sun Xiao මහතා එහිදී සඳහන් කළේ ය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම