චීන ජනාධිපතිවරයා ගෙන් බලශක්ති පිළිබඳ වාණිජ සාකච්ඡා සභාවට සුබපැතුම්
2022-11-29 16:46:57
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා චීන-රුසියානු බලශක්ති පිළිබඳ වාණිජ සාකච්ඡා සභාව වෙත සුබපැතුම් පණිවිඩයක් යොමු කරයි.

හෙතෙම අද (29) එම සුබපැතුම් පණිවිඩය ‍යොමු කර තිබේ. චීනය හා රුසියාව අතර පවතින බලශක්ති සහයෝගිතාව දෙරටේ සහයෝගිතාවන්හි වැදගත් අඩිතාලමක් වන අතර එය ගෝලීය බලශක්ති සුරක්ෂිතතාව රැකගැනීමේ සක්‍රීය බලවේගයක් බව ෂී ජින් පිං මහතා සිය සුබපැතුම් පණිවිඩයෙන් සඳහන් කළේ ය. බාහිර අවදානම් හා අභියෝග හමු‍වේ චීනය හා රුසියාව බලශක්ති සහයෝගිතා හා සම්බන්ධීකරණ තහවුරු කිරීමේ වැදගත්කම හෙතෙම අවධාරණය කරයි. රුසියාව සමග එක්ව වඩාත් සමීප බලශක්ති සහයෝගිතා හවුල්කාරීත්වයක් ශක්තිමත් කරමින් ජාත්‍යන්තර බලශක්ති වෙළඳපොළේ දිගුකාලීන සංවර්ධනය වෙනුවෙන් නව මෙහෙවරක් ඉටු කරනු ඇතැයි චීන ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා ඇත.

මේ අතර, රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් මහතා චීන-රුසියානු බලශක්ති පිළිබඳ වාණිජ සාකච්ඡා සභාව වෙත සිය සුබපැතුම් පණිවිඩයක් ද ‍යොමු කර තිබේ.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම