පලස්තීන ඊශ්‍රායල තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ දී විශේෂ රැස්වීමක්
2022-11-29 10:37:14
Share with:

පලස්තීන ඊශ්‍රායල තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විශේෂ රැස්වීමක් පවත්වයි. මෑත මාස කිහිපයක දී, අත්පත් කරගත් ජොර්දාන ග‍ඟේ බටහිර ඉවුරේ සහ ඊශ්‍රාලයේ දී බරපතල ප්‍රචණ්ඩ සිද්ධි සිදු වූ බව,මැදපෙරදිග ප්‍රදේශයේ සාම ක්‍රියාදාමය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ සම්බන්ධීකාරක Tor Wennesland මහතා ඊයේ(28) පැවති රැස්වීමේ දී ප්‍රකාශ කළේය.

එක්සත් ජාතීන්ගේ චීන නිත්‍ය  නියෝජිත චාං ජුන් මහතා ප්‍රකාශ කළේ එක් පාර්ශ්වයක ආරක්ෂාව රඳා පවතිනුයේ, අනෙක් පාර්ශ්වයේ අනාරක්ෂිත බව මත නම්, මෙම ප්‍රචණ්ඩත්වයේ චක්‍රය බිඳ දැමිය නොහැකි බවයි.

පලස්තීනයේ සහ ඊශ්‍රායලයේ ආරක්ෂාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාව එක හා සමාන අවධානයක් යොමු කළ යුතුය. ගාසා තීරයට වන සංක්‍රමණ සහ ප්‍රතිසංස්කරණ ද්‍රව්‍ය ඇතුළු වීම සහ පිටවීම පිළිබඳ සීමාවන් ලිහිල් කරන ලෙසත්, බටහිර ඉවුරේ පලස්තීන ප්‍රජාවන්ගේ සංවර්ධනය සඳහා පහසුකම් නිර්මාණය කරන ලෙසත් චීනය ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටී.

පලස්තීන ජනතාවගේ අනාගතය සහ ‍ඉරණමට අදාල ගැටළු සම්බන්ධයෙන්, නිෂේධ බලය යෙදවීමට කිසිදු පාර්ශවයකට  අයිතියක් නොමැති බව චීන නිත්‍ය  නියෝජිත චාං ජුන් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම