ශක්තිමත් සහ ස්ථාවර චීන-ජපාන සබඳතා දෙපාර්ශවයේම අවශ්‍යතා ඉටු කරන බව චීන අග්‍රාමාත්‍ය ලී මහතා ප්‍රකාශ කරයි
2022-11-29 10:19:24
Share with:

ශක්තිමත් සහ ස්ථාවර  චීන-ජපාන සබඳතා දෙපාර්ශවයේම අවශ්‍යතා ඉටු කරන බව චීන අග්‍රාමාත්‍ය ලී මහතා ප්‍රකාශ කරයි

චීන අග්‍රාමාත්‍ය Li  Keqiang  මහතා අටවන චීන-ජපාන ව්‍යාපාරික නායකයින්ගේ සහ හිටපු ඉහළ පෙළේ රජයේ නිලධාරීන්ගේ සංවාදය වීඩියෝ ආකාරයෙන් අමතමින් ප්‍රකාශ කළේ දෙරටම ලෝකයේ ප්‍රධාන ආර්ථිකයන් ලෙස, පොදු අවශ්‍යතා සහ සහයෝගීතාවයන් ඉටු කර ගැනීම උදෙසා පුළුල් පරාසයක් භුක්ති විඳින බවයි.

චීන-ජපාන සබඳතාවල යහපත් සහ ස්ථාවර වර්ධනයක් පවත්වා ගැනීම දෙපාර්ශවයේම අවශ්‍යතාවලට ඵලදායී වන අතර, එය දෙපාර්ශවයේම යහපැවැත්මට මෙන්ම කලාපීය සහ ලෝක සාමය, ස්ථාවර කර ගැනීමට   සහ සංවර්ධනයට ද වැදගත් වන බව ලී මහතා පැවසීය.

ජයග්‍රාහී ප්‍රතිඵල ලබා ගැනීම උදෙසා, බාධාවකින් තොරව සහ  ස්ථාවරව කාර්මික සහ සැපයුම් දාමයන් පවත්වා ගනිමින්, ඩිජිටල් ආර්ථිකය, හරිත සංවර්ධනය, මූල්‍ය, වෛද්‍ය සත්කාර සහ වැඩිහිටි සත්කාර සම්බන්ධයෙන් ජපානය සමඟ සහයෝගීතාව ශක්තිමත් කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ද හෙතෙම කියා සිටී‍.

චීනය සෑම විටම ලෝකය සඳහා විශාල වෙළඳපොළක් මෙන්ම, විදේශ ආයෝජන සඳහා වඩා හොඳ ගමනාන්තයක් වන අතර, චීනය සමඟ සහයෝගීතාව පුළුල් කර ගැනීමට සහ චීනයේ සංවර්ධන අවස්ථා භුක්ති විඳීමට ජපානය ඇතුළු සියලුම රටවල් සහ සමාගම්වලට ආරාධනා කරන බව ද අග්‍රාමාත්‍ය Li  Keqiang  මහතා ප්‍රකාශ කළේය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම