ගගනගාමීන් සහිත චන්ද්‍ර ගවේෂණ ව්‍යාපෘතිය ආරම්භ කිරීමට චීනයට පහසුකම් ඇත
2022-11-28 11:23:28
Share with:

ගගනගාමීන් සහිත චන්ද්‍ර ගවේෂණ ව්‍යාපෘතිය ආරම්භ කිරීමට චීනයට පහසුකම් ඇති බව ප්‍රකාශ කෙරේ.

ෂෙන්චෞ 15 ගගනගාමීන් සහිත අභ්‍යාවකාශ මෙහෙයුම් පිළිබඳ මාධ්‍ය හමුවක් අද (28) ජියුචුවන් චන්ද්‍රිකා නිකුත් කිරීමේ මධ්‍යස්ථානයේ දී පැවැත්විණ.

 එම හමුවේ දී ගගනගාමීන් සහිත චීන අභ්‍යාවකාශ ව්‍යාපෘතියේ මාධ්‍ය ප්‍රකාශක සහ ගගනගාමීන් සහිත චීන අභ්‍යාවකාශ ඉංජිනේරු කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ ජී චීමිං මහතා ප්‍රකාශ කළේ, රජය විසින් අනුමත කෙරුණු සංවර්ධන උපායමාර්ගයන්ට අනුව, ගගනගාමීන් සහිත චන්ද්‍රයා ගවේෂණය කිරීම හා අදාළ කේන්ද්‍රීය තාක්ෂණික අපහසුතා මග හැරීම පිළිබඳ ක්‍රියාකාරී සැලැස්මේ සංකීර්ණ ආදර්ශනය අවසන් කර ඇති බවයි. ‍ඒ අනුව ගගනගාමීන් සහිතව චන්ද්‍රයා ගවේෂණය කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා පහසුකම් චීනය සතු ව තිබෙන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. 

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම