ආගමික ස්ථානවල විදුලි බිල සඳහා ලබාදුන් සහනය මේ වන විට ක්‍රියාත්මකයි
2022-11-28 16:28:43
Share with:

විහාරස්ථාන ඇතුළු ආගමික ස්ථානවල විදුලි බිල සඳහා ලබාදුන් සහනය මේ වන විට ක්‍රියාත්මක බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

එහි සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේ, එම සහනය විදුලි බිලට ඇතුළත් කිරීමේ කටයුතු මේ වන විටත් සිදුවෙමින් පවතින බවය.

ඒ අනුව සියලුම විහාරස්ථාන ඇතුළු ආගමික ස්ථාන සඳහා අගොස්තු මාසයේ සිට ආදාළ සහනය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

කිසිදු ආගමික ස්ථානයක් නම්කර සහන ලබා නොදෙන අතර ලංකා විදුලිබල මණ්ඩලයේ බිල්පත් ක්‍රමවේදයට අනුව එම සහනය ක්‍රමානුකුලව සියලු ආගමික ස්ථාන වෙත හිමිවන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම