චීනයේ ජෛව විවිධත්ව ආරක්ෂාවේ නව ප්‍රගතියක්
2022-11-28 17:22:04
Share with:

ගෙවී ගිය වසර තුළ චීනය ජෛව විවිධත්ව ආරක්ෂාව පිළිබඳ නව ප්‍රගතියක් අත්කර ගනී.

චීන ජෛව පරිසර අමාත්‍යංශය අද (28) මාධ්‍ය හමුවක් පවත්වමින් චීනය ජෛව විවිධත්ව ආරක්ෂාව පිළිබඳ ලබාගෙන ඇති ජයග්‍රහණ පිළිබඳව විස්තර කර තිබේ. එක්සත් ජාතීන්ගේ ජෛව විවිධත්ව සම්මුතියේ පාර්ශ්වකරුවන්ගේ 15වැනි සමුළුවේ පළමු රැස්වීම 2021 වසරේ ඔක්තෝබර් මස පැවැත්විණ. එතැන් සිට ‍මේ දක්වා ගෙවී ගිය වසර තුළ ජෛව විවිධත්ව ආරක්ෂාව සම්බන්ධයෙන් චීනය නව ප්‍රගතියක් ලබා ගෙන ඇතැයි චීන ජෛව පරිසර අමාත්‍යංශ නිලධාරිනියක් එම මාධ්‍ය හමුවේදී කියා සිටියා ය . චීනය විසින් ගත වූ වසර තුළ තෙත් බිම් සංරක්ෂණ නීති කෙටුම්පත, පශු පාලන නීති කෙටුම්පත, බීජ නීති කෙටුම්පත සම්මත කර තිබේ.චීන වනජීවී සංරක්ෂණ නාමාවලිය ද යළි සංශෝධනය කෙරිණ. චීන ජාතික මට්ටමේ උද්‍යාන රැසක් පළමු වරට නම් කෙරිණ. ඒ අතරින් බෙයිජිං හා ගුවං චෞ යන නගර 2කේ ජාතික උද්භිද උද්‍යාන ස්ථාපිත කර මහජනතාව වෙත විවෘත කිරීම විශේෂත්වයකි.

ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම