යුක්රේන ජනපතිට රුසියාව සමග සාකච්ඡා කිරීමට ඇමරිකාව ඉඩනොදෙන බවට බෙලරුසියානු ජනපතිගෙන් චෝදනා
2022-11-28 11:00:03
Share with:

යුක්රේන නායකයාට රුසියාව සමඟ සාකච්ඡා මේසයට නැවත පැමිණීමට ඇමරිකාව ඉඩ නොදෙන බව බෙලරුසියානු ජනාධිපති Alexander Lukashenko මහතා පවසයි. සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් හෙතෙම පසුගිය දා මේ බව කියාසිටියේය.

යුක්රේන ජනාධිපති Volodymyr Zelensky මහතා මීට පෙර පැවති සාකච්ඡාවල දී, සාකච්ඡාවක පැවතිය යුතු  මූලධර්ම උල්ලංඝනය කර ඇති බවත්, ඔහුගේ කොන්දේසි පිළිගත නොහැකි බවත් බෙලරුසියානු ජනපති පෙන්වාදෙයි.

එසේම යුක්රේන නායකයා සහන ලබා දීම ප්‍රතික්ෂේප කළ බව ද Lukashenko මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම