අනාගතයේ ගෝලීය බහුවිධ සංවර්ධනයේ බලාගාරය බවට පත් වන චීනය
2022-11-28 13:34:12
Share with:

චීන ඉතිහාසයේ අසහාය නායකයෙකු වන මාඕ සේතුං චීන විප්ලවයට නායකත්වය ලබා දෙමින්, එය ජයග්‍රහණය කරා මෙහෙයවීය. වර්තමාන ජනාධිපති ෂී ජින්පිං මහතාද එලෙසම සිය චීන සිහින දැක්ම මගින් චීන ජාතියේ මහා පුනර්ජීවනය උදෙසා කටයුතුකරන බව ශ්‍රී ලංකා ආර්ථික විද්‍යාඥයින්ගේ සංගමයේ සභාපති මහාචාර්ය විජිතපුරේ විමලරතන ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරති.

2017 වර්ෂයේ බෙයිජිංහි පැවති චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වන ජාතික කොංග්‍රසයේදී චීනය සඳහා ඉදිරි දැක්ම වන නව යුගය සඳහා චීන ලක්ෂණ සහිත සමාජවාදය පිළිබඳ වූ ජනාධිපතිවරයාගේ චින්තනය ඉදිරිපත් කෙරිණ.

එමෙන්ම 20 වන කොංග්‍රසයේ සමාරම්භක උත්සවය අමතමින් ඔහු කළ ප්‍රකාශය සියලු දෙනාගේ අවධානයට යොමු වූ බව ද මහාචාර්ය ස්වාමීන් වහන්සේ පෙන්වා දෙයි. ඉතිහාසයේ වටිනාකම් සමග චීනයේ එක්සත්භාවය සහ චීන ජාතියේ පුනර්ජීවනය නැවත සිදු කළ හැකි බව ජනාධිපතිවරයා  එහි දී ප්‍රකාශ කළේය. නව ගමනේ අලුත් අභියෝග සහ පරීක්ෂණවලට මුහුණදීමට චීනයට සිදු වනු ඇත. ඒ පිළිබදව සෑම විටම සන්සුන් මනසකින් සහ විචක්ෂණශීලීව කටයුතු කළ යුතුය. ඒ වෙනුවෙන් ෂී ජින්පිං මහතා, චීන ජාතියට ආරාධනා කිරීම වඩාත් සුවිශේෂී බව ද ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළහ.

මාර්ග සිතියම්ගත කෙරුණ අපේ නව ගමන තේජාන්විත සහ සිහිනවලින් පිරුණු එකකි. අප එහි නව්‍යත්වයෙන් සහ ධෛර්යයෙන් යුතුව වඩාත් දීප්තිමත් අනාගතයක් වෙනුවෙන් එක් විය යුතු බවට චීන ජනාධිපතිවරයා කළ ප්‍රකාශය අනාගත චීනයේ සංවර්ධන දිශානතිය වෙනුවෙන් ලබා දුන් උත්තේජනයකි.

“එක් තීරයක් එක් මාවතක් “වැඩසටහන හරහා ලෝකයම එකට යා කරමින් ආර්ථික සංවර්ධනයේ ප්‍රතිලාභ ලෝකයටම හුවමාරු කරමින් සිටී. ඒ නිසාම වසර 2030 දී චීනය ලෝක ආර්ථිකයට ඉහළම දායකත්වය ලබා දෙනු ඇත. නුදුරු අනාගතයේ ගෝලීය ආර්ථික, දේශපාලනික, තාක්ෂණික සහ සංස්කෘතික බලාගාරය බවට, චීනය පත් වනු ඇති බව ද, මහාචාර්ය ස්වාමීන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළහ.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම