යුරෝපා කවුන්සිල සභාපතිවරයා ගේ චීන නිල සංචාරය ලබන 1වැනිදා ඇරඹේ
2022-11-28 18:13:58
Share with:

යුරෝපීය කවුන්සිල සභාපති Charles Michel මහතා ලබන 1වැනිදා චීනයේ නිල සංචාරයක නිරත වන බව  චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Zhao Lijian මහතා අද(28) පැවසීය.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන ජාතික කොංග්‍රසයට පසු, චීන සහ යුරෝපා සංගමයේ  නායකයින් අතර සිදුවන පළමු නිල හමුව මෙයයි.

එම සංචාරයේ දී, හෙතම චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, අග්‍රාමාත්‍ය Li Keqiang මහතා, චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති Li Zhanshu මහතා, සමග වෙන් වෙන් ව සාකච්ඡා පවත්වනු ඇත.

දෙපාර්ශ්වයේ නායකයින් එහිදී චීන-යුරෝපා සම්බන්ධතා, පොදු අවධානයට ලක්වන ජාත්‍යන්තර සහ කලාපීය ගැටළු පිළිබඳව ගැඹුරු ලෙස අදහස් හුවමරු කර ගනු ඇති බවට අපේක්ෂා කෙරේ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම