චීන හා මොංගෝලියානු ජනාධිපතිවරුන් අතර හමුව බෙයිජිංහිදී
2022-11-28 19:41:28
Share with:

චීන හා මොංගෝලියානු ජනාධිපතිවරු හමු වෙති.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අද (28) සවස සංචාරයක් සඳහා චීනයට පැමිණ සිටින මොංගෝලියානු ජනාධිපති Ukhnaagiin Khurelsuh මහතා හමු විය.එම හමුව බෙයිජිං අගනුවර මහජන මහ ශාලාවේදී සිදුවිය.

චීනය හා මොංගෝලියාව සුහද අසල්වැසි රටවල් දෙකකි. ද්විපාර්ශ්වික සම්බන්ධතා ස්ථාවර ව පවත්වාගෙන යාම දෙරටේ මූලික යහපතට ගැලපෙන බව ෂී ජින් පිං මහතා එහිදී පැවසීය.දෙරටේ  තේරීම්වලට ගරු කරමින් එකිනෙකාට සහය වෙමින් ද්විපාර්ශ්වික සම්බන්ධතා තහවුරු කිරීමට චීනය කැමැත්තෙන් සිටී.ආර්ථික හා වෙළඳ,බලශක්ති, තොරතුරු තාක්ෂණ, පශු නිෂ්පාදන සැකසුම්, අධ්‍යාපන, සෞඛ්‍ය හා සංචාරක ඇතුළු ක්ෂේත්‍රවල මොංගෝලියාව සමග සහයෝගිතා වඩාත් පුළුල් කෙරෙනු ඇතැයි චීන ජනාධිපතිවරයා කියා සිටී. ආසියා-ෆැසිපික් කලාපයේ සංවර්ධනය වෙමින් පවතින රටවල් වශයෙන් චීනය හා මොංගෝලියාව අතර ජාත්‍යන්තර හා කලාපීය කටයුතුවලදී පුළුල් පොදු අවශ්‍යතා පවතින බව හෙතෙම අවධාරණය කරයි.මොංගෝලියාව සමග එක්ව බහුපාර්ශ්වවාදය ආරක්ෂා කරමින් ජගත් ප්‍රජාවේ සමගිය හා සහයෝගිතා තහවුරු කිරීමට චීනය කැමති බව ද චීන ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

චීනය සාමයට ලැදි රටක් බවත්, චීනය කවර දිනෙකවත් වෙනත් රටවල් ආක්‍රමණය කර නොමැති බවත්, චීනය අවංක ව සෙසු රටවලට උපකාර කරන බවත් Ukhnaagiin Khurelsuh මහතා එම හමුවේදී කියා සිටියේ ය. චීනය සමග පවතින මිත්‍ර සම්බන්ධතා වඩාත් ශක්තිමත් කිරීමට මොංගෝලියාව කැමැත්තෙන් සිටී.චීනය සමග උපාය මාර්ගික වශයෙන් සම්බන්ධ වී විවිධ ක්ෂේත්‍රවල සහයෝගිතා තහවුරු කරමින් චීන-මොංගෝලියානු-රුසියානු ආර්ථික කොරිඩෝව සංවර්ධනය ඉදිරියට ගෙන යාමට කැමති බව මොංගෝලියානු ජනාධිපතිවරයා පවසයි. ලෝක සාමය, ස්ථාවරත්වය හා සංවර්ධනය වෙනුවෙන් චීනය ඉටු කර ඇති මෙහෙවර මොංගෝලියාව ඉහළින් අගය කරයි. ජාත්‍යන්තර කටයුතුවලදී මොංගෝලියාව චීනය සමග එක්ව සම්බන්ධීකරණය ශක්තිමත් කරමින් කලාපීය සාමය හා සංවර්ධනය වෙනුවෙන් කාර්යභාරයන් ඉටු කරනු ඇතැයි මොංගෝලියානු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම