චීන සමාගම් විසින් ඉදිකරනු ලබන බංගලාදේශයේ ගංගා උමං මාර්ග ව්‍යාපෘතියේ දකුණු කොටසේ ඉදිකිරීම් අවසන්
2022-11-28 16:28:39
Share with:

චීන සමාගම් විසින් ඉදිකරනු ලබන බංගලාදේශයේ Kanapuri ගංගාවේ උමං මාර්ග ව්‍යාපෘතියේ දකුණු කොටසේ ඉදිකිරීම් අවසන් වේ.

චීන ප්‍රවාහන ඉදිකිරීම් සමාගම හා චීන මාර්ග හා පාලම් සමාගම විසින් එම ඉදිකිරීම් අවසන් කිරීමේ උළෙල පසුගිය 26 වනදා පැවැත්විණ. බංග්ලාදේශ අගමැතිනී Sheikh Hasina මහත්මිය එහිදී එම ව්‍යාපෘතිය චීනයේ සහාය ලබා ගැනීමේ අත්දැකීම සිහි කරමින් චීන සමාගම් ඇතුළු සියළු ඉදි කිරීම් කරුවන් වෙත සිය ස්තුතිය පළ ක‍ළාය.

එම උමං මාර්ග ව්‍යාපෘතිය බංග්ලාදේශයේ Chittagong නගරයේ Kanapuri ගංගාව මුහුදට ප්‍රවේශ වීමේ ස්ථානයේ පිහිටා තිබේ. කිලෝමීටර් 9.3 දුර ප්‍රමාණය සහිත එම උමං මාර්ගය දකුණු ආසියාවේ ප්‍රථම උමං ගංගා මාර්ගය බවට පත් වේ. එම උමං මාර්ගය සම්පූර්ණ කිරීමෙන් පසු Chittagong නගරයේ ප්‍රවාහන තත්ත්වය යහපත් වෙමින් එරට ආර්ථික වර්ධනය ප්‍රවර්ධනය කළ හැකි ය. එය බංග්ලාදේශ-චීන-ඉන්දියා-මියන්මාර ආර්ථික ආලින්දය ගොඩනැගීමට විශාල සහායකි.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම