ලොව බොහෝ රටවල් ආර්ථික දර්ශනය පිළිබඳ පාඩම බවට පත් කර ගත් චීන ආර්ථික ප්‍රතිසංස්කරණය
2022-11-28 13:28:44
Share with:

චීනය සංවර්ධනය කරා ළඟා වූයේ විවිධ පරිවර්තනයන් හි ප්‍රතිඵලයක් ලෙසයි. ලෝකයට විවෘත වීමත් සමග වර්තමානයේ ඔවුන් ලෝක ආර්ථිකයේ දැවැන්ත බලකණුවක් බවට පත්ව ඇත. එමෙන්ම ආර්ථික ප්‍රතිසංස්කරණයන්ට සාර්ථකව මුහුණ දෙමින්, දරිද්‍රතාවයෙන් මිදීමට චීනය සමත් වූ බව, හිටපු පුවත්පත් කර්තෘ සහ මාධ්‍යවේදී රන්ජිත් කුමාර සමරකෝන් මහතා පවසයි.

ඉතිහාසයේ සිටම අභියෝගයන්ට සාර්ථකව මුහුණ දුන් චීනය, 1978 වන විට නව මාවතකට අවතීර්ණ විය. ඉහළම ආර්ථික වර්ධනයන් වාර්තා කරමින් 90 දශකය වන විට නූතන චීනයේ ස්වර්ණමය යුගයට ප්‍රවේශ වීම ඇරඹිණ. අනතුරුව, ලෝකයේ වෙළෙඳ වැඩපළ බවට පත් වෙමින්, භාණ්ඩ අපනයනය කරන ලොව විශාලම රාජ්‍යය බවට ද  ක්‍රමානුකූලව පත්වීමට චීනය සමත් විය.

ලෝක ජනගහණයෙන් අඩකට වඩා සම්බන්ධ වන එක් තීරයක් එක් මාවතක් ඔස්සේ ඔවුහූ සිය ආර්ථික වටිනාකම නිර්මාණය කර ගත්හ. එහෙයින් ලෝක ආර්ථිකයේ බලවත් එන්ජිම තමන් සතු කර ගැනීමට චීනයට හැකි වූ බව ද හෙතෙම කියාසිටී .

චීනයේ ශීඝ්‍ර සංවර්ධනය උදෙසා ප්‍රධාන වශයෙන් පියවර පහක් බලපෑවේය. එනම්, රටට උචිත මාවත තෝරාගැනීම, වෙළඳපොළ ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ දැඩි විශ්වාසයෙන් කටයුතු කිරීම, ආර්ථික සංවර්ධනයට කැපවීම, දේශපාලන ස්ථාවරත්වය තහවුරු කිරීම සහ නව සංවර්ධන උපායමාර්ග තෝරාගැනීමයි. ඒ අනුව අද වන විට සමස්ත ලෝකයම නව මගකට රැගෙන යාමට චීනය දායකවී සිටී. ඒ නිසාම සමාජවාදී රටවල් මෙන්ම ධනවාදී රටවල් ද චීන ආර්ථික ප්‍රතිසංස්කරණය සිය ආර්ථික දර්ශනයේ පාඩම බවට පත් කර ගෙන ඇත. සාම්ප්‍රදායිකත්වයෙන් මිදී නූතනත්වය තුළ සාර්ථකත්වයට පත් විය හැකි ආකාරය පිළිබඳ චීනය ලෝකයට කදිම ආදර්ශයන් සපයමින් සිටින් බව ද රංජිත් කුමාර සමරකෝන් මහතා පවසයි.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම