නව ව්‍යවස්ථාදායක සභාව ලබන දෙසැම්බර් 08දාට පෙර
2022-11-28 16:35:10
Share with:

ලබන දෙසැම්බර් 08දාට පෙර නව ව්‍යවස්ථාදායක සභාව ස්ථාපිත කිරීමට අපේක්ෂා කරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසි.

පසුගිය දා සම්මත වූ 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව අලුතෙන් ව්‍යවස්ථාදායක සභාව ස්ථාපිත කළ යුතුය. ඒ සඳහා නම් කරන සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් තෝරා ගැනීම සඳහා මේ වන විට මාධ්‍ය ඔස්සේ දැන්වීම් පළ කොට අයදුම්පත් කැඳවා ඇත. පසුගිය බ්‍රහස්පතින්දා වන විට ඊට අයදුම්පත් 65ක් පමණ ලැබී ඇති බව කතානායකවරයා කියා සිටී.

මෙම අයදුම්පත් පරීක්ෂා කොට සුදුසුකම් ඇති අයදුම්කරුවන් සම්බන්ධව මූලික පරීක්ෂණයක් පවත්වා ඉන් තෝරාගන්නා තිදෙනකුගේ නම් පාර්ලිමේන්තුව විසින් අනුමත කළ යුතුය. අනතුරුව ව්‍යවස්ථාදායක සභාවේ සාමාජික සංඛ්‍යාව සම්පූර්ණ කොට අවශ්‍ය පත්කිරීම් සිදුකෙරෙන බව කතානායකවරයා අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම