ජාතික ප්‍රතිපත්ති සැකසීම සදහා උපකුලපතිවරුන් හරහා විශ්ව විද්‍යාල අධ්‍යයන කාර්ය මණ්ඩලයේ සහාය ලබා ගැනීම පිළිබද අවධානය
2022-11-28 16:33:18
Share with:

ජාතික ප්‍රතිපත්ති සැකසීම සදහා උපකුලපතිවරුන් හරහා විශ්ව විද්‍යාල අධ්‍යයන කාර්ය මණ්ඩලයේ සහාාය ලබා ගැනීමේ ඉදිරි සැලැස්ම පිළිබද අවධානය යොමු වෙයි.

එහි මූලික සාකච්ඡාවක් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැත්විණ.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පැවති කෙටි, මධ්‍ය, හා දිගු කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ දී ප්‍රමුඛතා හඳුනාගැනීම පිළිබඳ ජාතික සභා අනු කමිටුවේදී මෙම සාකච්ඡාව සිදුවිය.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, දිවයිනේ විශ්ව විද්‍යාලවල උපකුලපතිවරුන් ඇතුළු ආචාර්යවරු පිරිසක් එක්ව සිටි මෙම රැස්වීමේදී අනුකාරක සභාව විසින් හදුනාගත් ප්‍රමුඛතා ක්ෂේත්‍ර යටතේ කෙටි, මධ්‍ය, හා දිගු කාලීන ජාතික ප්‍රතිපත්ති සැකසීමට අදාල මූලික සැලැස්ම පිළිබදව එකගතාවක් ඇති විය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම