රටවල් 9කින් ඇමරිකාවට එරෙහිව සංචාරක අනතුරු ඇඟවීම් ‍
2022-11-28 17:32:54
Share with:

ඇමරිකා‍වේ නිරන්තරව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන්, රටවල් 9ක් ඇමරිකාවට එරෙහිව සංචාරක අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව CNN වාර්තාවක දැක්වේ.

ඇමරිකාවේ අසල්වැසි සහ මිත්‍ර රටවල් මෙම අනතුරු ඇගවීම් සිදු කර තිබේ.

මෙම වාර්තාවට අනුව ඇමරිකාවේ සමූහ වෙඩි තැබීම් සිදුවිය හැකි බවට, ඕස්ට්රේලියාව, කැනඩාව, බ්‍රිතාන්‍යය, ජර්මනිය සහ ජපානය,  සිය රටේ පුරවැසියන්ට සිහිපත් කර තිබේ.

ඊට අමතරව, ඊශ්‍රායලය, ප්‍රංශය, මෙක්සිකෝව සහ නවසීලන්තය ද, ඇමරිකාවට එරෙහි විවිධ මට්ටම්වල සංචාරක අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, ඇමරිකාවේ අපරාධ ගැටලුව ගැන ද සඳහන් කර තිබේ.

පසුගිය 26වැනිදා දක්වා, ඇමරිකාවේ විවිධ අවි ආශ්‍රිත සිදුවීම්වලින් පුද්ගලයින් 40,057 දෙනෙකුට ජීවිත අහිමි වී තිබේ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම