ශ්‍රී ලංකාවේ සිදු කළ ආයෝජන හා මූල්‍යාධාර වෙනුවෙන් කිසි විටකත් කවර හෝ දේශපාලන ප්‍රතිලාභයක් ලබා ගැනීමට වෑයම් නොකරන බව ‍චීනය පවසයි
2022-11-28 18:11:14
Share with:

චීනය ශ්‍රී ලංකාවේ සිදු කළ ආයෝජන හා මූල්‍යාධාර වෙනුවෙන් කිසි විටකත් කවර හෝ දේශපාලන ප්‍රතිලාභයක් ලබා ගැනීමට වෑයම් නොකරන බව චීන විදේශ අමාත්‍යංශය පවසයි.

ශ්‍රී ලංකා විදේශ ඇමති අලි සබ්‍රි මහතා මෑතකදී ප්‍රකාශ කර ඇත්තේ චීනය කිසිවිටකත් බලාත්කාරයෙන් ශ්‍රී ලංකාවට ණය දීමක් සිදු කර නොමැති බවයි. චීනය විවිධාකාර ක්‍රම ඔස්සේ ශ්‍රී ලංකාවට විශාල මූල්‍ය හා මානවහිතවාදී සහාය සපයා ඇත. “ණය උගුල” බටහිර රටවල ප්‍රබන්ධයක් පමණක් වන අතර චීනය මුල සිට ම ශ්‍රී ලංකාවේ සමීප මිතුරෙකු බව අලි සබ්‍රි මහතා පවසා ඇත.

ඒ සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Zhao Lijian මහතා අද(28) පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ අලි සබ්‍රි මහතාගේ ප්‍රකාශය කෙරෙහි චීනය ප්‍රසාදය පළ කරන  බවයි. චීනය ශ්‍රී ලංකාවට සහය ලබා ‍දී ඇත්තේ කවර හෝ දේශපාලන කොන්දේසි වලින් තොරවය. චීනය අඛණ්ඩව හැකි තරම් ශ්‍රී ලංකා ආර්ථික හා සමාජ වර්ධනයට සහය ලබා දෙමින් සිටී. ශ්‍රී ලංකාව සමග දෙරටේ උපාය මාර්ගික හවුල්කාරී සබඳතාව ශක්තිමත් කිරීමෙන් දෙරට හා ජනතාවගේ සුභ සෙත වඩාත් යහපත්  කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව Zhao Lijian මහතා අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම