Hangzhou ආසියානු ක්‍රීඩා උළෙලේ ගිනිහුල ධාවකයෝ ඩිජිටල් වේදිකාවක දී එළිදැක්වෙති.
Hangzhou ආසියා ක්‍රීඩා උළෙලේ දින 300 අවරෝහණ ගණනය අද(27) ආරම්භ විය. ඒ නිමිත්තෙන් Hangzhouහි ආසියානු ක්‍රීඩා උළෙලේ සංවිධාන කමිටුව ලොව ප්‍රථම වරට ආසියානු ක්‍රීඩා ඩිජිටල් වේදිකාව එළිදැක්වීය. උළෙලේ " ඩිජිටල් ගිනිහුල ධාවකයෝ" එහිදී ප්‍රථම වරට එළිදක්වනු ලැබූහ. මෙවැනි ඩිජිටල් ගිනිහුල ධාවකයන් වීමට සහ ආසියානු ක්‍රීඩා උළෙලේ මාර්ගගත ගිනිහුල ධාවනය යනාදී ක්‍රියාකාරකම්වලට සහභාගි වන ලෙස ගෝලීය ප්‍රේක්ෂකයන්ට ඇරයුම් කෙරේ.
ගිනිහුල ධාවකයන් ඩිජිටල් වේදිකාවක එළිදැක්වීම, කාලය හා අවකාශ සීමා බිඳ දමමින්, මහා ක්‍රීඩා හා සංස්කෘතික ක්‍රියාකාරකමක් වන ආසියානු ක්‍රීඩා උළෙල සඳහා වැඩි පිරිසකට ඍජුව සහභාගි වීමට ඉඩ සැලසීමකි.