දිස්ත්‍රික්ක 9ක ධීවර ප්‍රජාව නැංවීමට බ්‍රිතාන්‍ය සහය
2022-11-27 16:57:29
Share with:

තංගල්ල, මීගමුව, කොළඹ, කළුතර, ගාල්ල, මාතර, පුත්තලම, මඩකලපුව සහ මන්නාරම වෙසෙන දිළිඳු ධීවරයින්ගේ ආහාර හා පෝෂණ සුරක්ෂිතතාව  උදෙසා බ්‍රිතාන්‍යය  මැදිහත් වෙයි. මේ යටතේ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) මගින් ඇමරිකානු ඩොලර් 1,043,395 ක මුදලක් ( පවුම් 880 000) ලබාදීමට පියවර ගෙන ඇත.

මෙමගින් කුඩා-පරිමාණ  ධීවර කාර්මිකයන් 5,000ක ට අධික පිරිසකට  සහය ලබාදීමට අපේක්ෂිතයි. සුදුසුකම් ලබන ධීවරයන් වෙත මාස 3ක කාලයක් මසකට ඇ.ඩො. 47ක කොන්දේසි විරහිත මුදල් පැවරුමක් හිමිවේ. බලපෑමට ලක් වූ ධීවර නිවෙස්වලට ආහාර හා ජීවනෝපාය අවශ්‍යතා සපුරා ගැනීමට මෙමගින් හැකියාව ලැබෙනු ඇත.

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා මේ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය රජයටත්, එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයටත් ස්තුතිය පළ කර තිබේ.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම