මේ වසරේ ඇමරිකාවේ තුවක්කු ප්‍රචණ්ඩත්වයෙන් දිවි අහිමි වූ සංඛ්‍යාව 40,000 ඉක්මවයි
2022-11-27 15:16:54
Share with:

මේ වසරේ ඇමරිකාවේ සිදු වූ වෙඩි තැබීම්වලින් පුද්ගලයන් 40,000කට අධික පිරිසක් මිය ගොස් ඇතැයි නව සංඛ්‍යාලේඛනවලින් අනාවරණය වෙයි. 
ඇමරිකාවේ Gun Violence Archive වෙබ් අඩවියේ නවතම දත්ත වලට අනුව, මේ වසරේ නොවැම්බර් 26 වනදා වන විට එරට  40,000 කට වැඩි පිරිසකට තුවක්කු ප්‍රචණ්ඩත්වය හේතුවෙන් ජීවිත අහිමි වී ඇත. අවුරුදු  11 ටඅඩු ළමුන් 300 කට ආසන්න සංඛ්‍යාවක් ද ඊට ඇතුළත් ය.
ඇමරිකාවේ වෙඩි ප්‍රහාරවලින් සිදුවූ මරණ සංඛ්‍යාව තුන්වන වසරටත් 40 දහස ඉක්මවා ගොස් ඇතැයි ද එම වෙබ් අඩවියේ සඳහන් වේ. 

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම