නොවැම්බරයේ වැඩිම සංචාරක පිරිස රුසියාවෙන්
2022-11-27 15:44:52
Share with:

ශීත සෘතුවට පෙර ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ගේ පෙරමුණ ගැනීමට රුසියාව සමත්ව ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

නොවැම්බර් 1  සිට 22 වැනිදා දක්වා ශ්‍රී ලංකාවට සංචාරකයන් 41308 ක් පැමිණ ඇති අතර, ඉන් 10066 ක් රුසියානු සංචාරකයන් බව එම අධිකාරියේ දත්ත වාර්තා පෙන්වා දෙයි.

එම කාලය තුළ  සංචාරකයන් පැමිණීම අතින් දෙවැනි ස්ථානය ඉන්දියාවට හිමිව ඇති අතර, පැමිණ ඇති සංචාරකයන් ගණන 7021කි.

තෙවැනි ස්ථානය එක්සත් රාජධානියට හිමිව ඇති අතර, එරට සංචාරකයන් 3276 ක් එම කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම