අනවශ්‍ය ලෙස රත්‍රන් භාණ්ඩ පැළඳ ගුවනින් පැමිණීම තහනම් කෙරේ
2022-11-27 17:23:00
Share with:

අනවශ්‍ය ලෙස රන් භාණ්ඩ පැළඳ, ජාවාරම් කිරීමේ අරමුණෙන් ගුවන් මගීන් ලෙස මෙරටට පැමිණෙන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කරයි. මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා  පවසන්නේ, ඒ අනුව ආනයන අපනයන පාලක ජනරාල්ගේ අවසරයකින් තොරව, කැරට් 22ට වැඩි රන් භාණ්ඩ පැළඳ ගුවන් මගින් පැමිණීම අත්හිටුවන බවයි. රන් භාණ්ඩවල තත්ත්වය සහ ප්‍රමාණ පිළිබඳ සොයාබැලීම සඳහා විශේෂ තාක්ෂණික ක්‍රමවේද භාවිත කිරීමට රේගු නිලධාරීන්ට උපදෙස්  දී තිබේ.

ඊට අදාළ ගැසට් නිවේදනය ඉදිරි සතිය තුළ නිකුත් කෙරෙනු ඇත.  විදේශගතව සිට පැමිණෙන ශ්‍රමිකයන්ට හෝ සාමාන්‍ය ගුවන් මගීන්ට හෝ මෙමගින් කිසිදු පීඩාවක් ඇති නොවන බව ද අමාත්‍යවරයා කියාසිටී.

ගුවන් මගීන්ට පැළඳ පැමිණිය හැකි රන් භාණ්ඩවලට සීමාවක් නොමැතිවීමේ අවසරය භාවිත කරමින් දෛනිකව රත්‍රන් කිලෝ 50ක් පමණ ජාවාරාම්කරුවන් විසින් මෙරටට රැගෙන එන බවට තොරතුරු අනාවරණය වී තිබේ.

එමගින් රටට  විදේශ විනිමය අහිමිවීම වළක්වා ගැනීම මෙහි අරමුණයි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම