චීන නාවික හමුදාවට අයත් Changsha නෞකාව "ජාත්‍යන්තර නැව් පෙළපාලිය" ට එක්වෙයි
2022-11-27 16:53:03
Share with:

චීන නාවික හමුදාවට අයත් Changsha නෞකාව "ජාත්‍යන්තර නැව් පෙළපාලිය" සඳහා බංග්ලාදේශය වෙත පිටත් ව යයි.

පසුගිය 25වැනිදා පස්වරුවේ, හෙලිකොප්ටරයක් සහ නිලධාරීන් හා සොල්දාදුවන් 200 කට වැඩි පිරිසක් රැගත් Changsha නෞකාව Hainan පලාතේ Sanya හි හමුදා වරායකින් පිටත්ව ගියේය.

සම්පූර්ණ ධාරිතාව පටවා ඇති විට Changsha නෞකාවේ විස්ථාපනය ටොන් 6000 කට අධිකය. එම නෞකාවේ අංකය 173 වේ.

Changsha නෞකාව හමුදාවට එක් වූ දා සිට, එය අවස්ථා ගණනාවකදී අණදෙන නෞකාවක් ලෙස ප්‍රධාන පුහුණු මෙහෙයුම් සහ සමුද්‍රීය අයිතිවාසිකම් සුරැකීමේ මෙහෙයුම් සඳහා සහභාගි වී ඇත.

 "ජාත්‍යන්තර නැව් පෙළපාලිය" දෙසැම්බර් මස මුලදී පැවැත්වීමට සැලසුම් කර ඇත. නාවික, සංස්කෘතික හුවමාරු සහ ද්විපාර්ශ්වික රැස්වීම් යනාදී ක්‍රියාකාරකම්වලට සහභාගි වීමට චීන නාවික හමුදාව නියෝජිත පිරිසක් ද එවනු ඇත.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම