විශාල පිරිසකට කොවිඩ් ආසාදනය වීම වළක්වා ගත යුතු බව ජනමත විමසුමකට එක් වූ බහුතරය පවසති
2022-11-27 15:47:32
Share with:

විශාල පිරිසකට කොවිඩ් ආසාදනය වීම වළක්වා ගත යුතු බව ජාත්‍යන්තර සමීක්ෂණයකට එක්වූවන්ගෙන් 80%කට අධික පිරිසක් පවසති.   

චීන මාධ්‍ය සමූහයට අයත් CGTN ආයතනය පසුගිය දා ලෝක  ජනමත සමීක්ෂණයක් සිදු කළේ ය. ඊට එක් වූ 60.44%ක පිරිසක්  කොරොනා නියුමෝනියාවෙන් ජනතාවට එල්ල වූ දිගුකාලීන ඍණාත්මක බලපෑම් කෙරෙහි කණස්සල්ල පළකර ඇත. විවිධ ක්‍රියාකාරකම් මගින් වැඩි පිරිසක් ආසාදනයෙන් පෙළීම වළක්වා ගත යුතු බව 85.4%ක පිරිසකගේ අදහස යි.

මෙම වසර වනවිට, කොවිඩ්-19 හේතුවෙන් ගෝලීය වශයෙන් මිය ගිය ආසාදිතයින්ගේ සංඛ්‍යාව මිලියනය ඉක්මවා ඇත.  කොරොනා වසංගතය අඛණ්ඩ ව පැතිර යාම ‘ ජාත්‍යන්තර අවධානයට ලක්වූ හදිසි සෞඛ්‍ය තත්ත්වයක් ’ බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත් කර තිබේ. වසංගතය කෙරෙහි ඉහළ අවධානයක් යොමු කරමින් එය නිසි පරිදි පාලනය කරන්නැයි, එම සංවිධානය විවිධ රටවලින් ඉල්ලා සිටී.

ගුවන් විදුලිය
20240508බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම