ගෝලීය මහ බැංකු සතු රන් සංචිත වාර්තාගත ලෙස ඉහළට
2022-11-26 15:50:35
Share with:

විවිධ රටවල මහ බැංකු සිය රන් සංචිත වැඩි කරමින් සිටින බව ජපාන "Nihon Keizai Shimbun" පුවත්පත වාර්තා කරයි.

2022 වසරේ ගෝලීය රන් මිලදී ගැනීම් ප්‍රමාණය 1960 ගණන්වල සිට වාර්තා වූ ඉහළම අගය ගෙන ඇතැයි, ජාත්‍යන්තර සමීක්ෂණ ආයතනයක වාර්තාවන් හි දැක්වේ.

මේ වසරේ තුන්වන කාර්තුවේ ගෝලීය සමස්ත මහ බැංකුවල ශුද්ධ රත්‍රන් මිලදී ගැනීම ටොන් 399.3 ක් වූ අතර, එය පසුගිය වසරේ එම කාලසීමාවට සාපේක්ෂව හතර ගුණයකටත් වඩා වැඩි බව ලෝක රන් කවුන්සිලය නොවැම්බර් මාසයේදී නිකුත් කරන ලද වාර්තාවක සඳහන් ය. රත්රන්වල ඉහළ සංසරණයක් පවතින අතර, නිකුත් කරන ආයතනයක් ද නොමැත. එහිදී, ස්වෛරී අවදානම අඩු වන බැවින් රජයේ ණය අර්බුදය අතිශයින් අඩු වෙයි. එය "ජාතිකත්වයන් රහිත මුදල්"ලෙස හැඳින්වේ.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම