නව යුගයේ යළි තහවුරු වන චීන-කියුබානු සැබෑ මිත්‍රත්වය
2022-11-26 17:52:12
Share with:

"ලොව පවතින නව තත්වයන් යටතේ, උපායමාර්ගික සම්බන්ධීකරණය වැඩිදියුණු කර පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීමේ ක්‍රියාවලියේදී චීනය හා කියුබාව අත්වැල් බැඳගත යුතු" බව චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභා මහලේකම් සහ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පවසයි. කියුබානු කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ පළමුවැනි ලේකම් හා රාජ්‍ය සභාපති ඩයස් කැනෙල් මහතා සමග ඊයේ (25)පැවති සාකච්ජාවේ දී ජනාධිපතිවරයා මේ බව පැවසීය. දෙරට අතර සබඳතාවයේ දී දේශපාලන නායකත්වය අඛණ්ඩව ශක්තිමත් කිරීමටත්, නව යුගයේදී චීනය සහ කියුබාව අතර විශේෂ මිත්‍ර සබඳතාව තවදුරටත් පුළුල් කිරීමටත් දෙපාර්ශ්වය එකඟ විය.

පොදු ඉරණමක් සහිත චීන-කියුබානු ප්‍රජාව නව යුගයේ ද්විපාර්ශ්වික සබඳතා සැලකීමේ දී චීනය සහ ලතින් ඇමරිකානු මෙන්ම චීන- කැරිබියානු රටවල් අතර පවතින ප්‍රමුඛ සම්බන්ධතාවකි. ඩයස් කැනෙල් මහතා චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රසයෙන් පසු චීනයට පැමිණි පළමු ලතින් ඇමරිකානු සහ කැරිබියානු රාජ්‍ය නායකයා වේ. මෙය පෙන්නුම් කරන්නේ චීන-කියුබානු සබඳතා, සමාජවාදී රටවල් අතර සහයෝගිතා මෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර අවංක සබඳතා පිළිබඳ ආදර්ශනයක් වී ඇති බවයි.

කියුබානු නායකයාගේ චීන සංචාරය චීන-ලතින් ඇමරිකානු සහයෝගිතාව සඳහා වැඩි ඉඩක් විවෘත කර ඇත. මේ වන විට ලතින් ඇමරිකානු රටවල් 21ක් චීනය සමඟ එක් තීරයක් එක් මාවතක් සහයෝගිතා ලේඛනවලට අත්සන් තබා තිබේ. 2021 දී, චීන-ලතින් ඇමරිකානු වෙළඳාම ප්‍රථම වරට ඩොලර් බිලියන 450 ඉක්මවූ අතර, එය මෑතක දී වාර්තා වූ ඉහළම අගයයි. පොදු ඉරණමක් සහිත චීන - කියුබානු ප්‍රජාව ඒකාබද්ධව ගොඩනැගීම ලතින් ඇමරිකාවේ සහ කැරිබියානු කලාපයේ ආදර්ශවත් කාර්යභාරයක් ඉටු කරන අතර, නව යුගයේ චීනය සහ ලතින් ඇමරිකාව අතර පුළුල් සහයෝගිතා හවුල්කාරිත්වය ප්‍රවර්ධනය කරනු ඇතැයි ද විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම