චීනය මෙරට ණය අර්බුදය පිළිබඳ සාකච්ඡා කරයි
2022-11-26 14:37:30
Share with:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මෙරට චීන තානාපති චී ෂෙංහොං මහතා අතර හමුවක් පැවැත්වෙයි. 

ඊයේ  (25) පැවති හමුවේ දී දෙපාර්ශ්වය ශ්‍රී ලංකාවේ ණය අර්බුදය පිළිබඳව  සාකච්ඡා කර තිබේ.

චීන තානාපතිවරයා එහිදී  ජනාධිපතිවරයා වෙත පවසා  ඇත්තේ, ශ්‍රී ලංකාවේ වත්මන් අභියෝග ජයගැනීම සඳහා චීනය අඛණ්ඩව සහාය ලබාදෙන බවයි.

චීනය පිළිබඳව විදෙස් මාධ්‍ය ඔස්සේ පළ වන අසත්‍ය තොරතුරු හෙළාදකින බව ද චීන තානාපතිවරයා පවසා ඇත.

මේ අතර, චීනය මෙරටට පරිත්‍යාග කළ මෙට්‍රික්ටොන් 9 දහසක ඩීසල් තොගයක් රැගත් සුපර් ඊස්ටර්න් නෞකාව කොළඹ වරායට අද (26) ළඟාවනු ඇත. එම නෞකාව සිංගප්පූරුවෙන් ඊයේ (25) පිටත් වූ බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියාසිටී. මෙරට ගොවි හා ධීවර ප්‍රජාව වෙනුවෙන් චීන රජය එම ඩීසල් තොගය පරිත්‍යාග කර ඇත.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම