මෙරට අධ්‍යාපනයේ පරිවර්තනයක්
2022-11-26 17:28:08
Share with:

ක්‍රියාකාරකම් සහිත ඉංග්‍රිසි කථන පුහුණුව ලබන වසරේ සිට පාසල්වල පළමු ශ්‍රේණියෙන් ආරම්භ කරන බව අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත මහතා කියයි. ඒ අනුව අධ්‍යාපනයේ පරිවර්තන යුගයක් ලබන වසරේ මුල් කාර්තුවෙන් ආරම්භ වන බව ඔහු පාර්ලිමේන්තුවේ දී ඊයේ (25) පැවසීය.

වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ගුරුවරු 13 දහසක් පුහුණු කෙරෙති. බ්‍රිතාන්‍යය කවුන්සලය සහ සෙසු ආයතන ඒ වෙනුවෙන් ආධාර සපයයි. අවශ්‍ය වැඩපොත දැනටමත් සකස් කර අවසන් බව ඇමතිවරයා පැවසීය. නව පාසල් වාරය ලබන මාර්තු මාසයේ සිට ආරම්භ කෙරේ. පූර්ව ළමාවිය සඳහා ද වැඩපිළිවෙළක් ඇරඹීමට සැලසුම් කර ඇතැයි  අධ්‍යාපන ඇමතිවරයා කියාසිටියේය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම