ගෑස් මිල සීමාව පිළිබඳ එකඟතාවකට පැමිණීමට යුරෝපා සංගමය අපොහොසත් වෙයි
2022-11-25 10:41:42
Share with:

ලබන ජනවාරි මාසයේ සිට ගෑස් මිල සීමා කිරීමේ ක්‍රමවේදයක්  ක්‍රියාත්මක කරන බවට යුරෝපා කොමිසම පසුගිය දා යෝජනාවක් ඉදිරිපත් කළේය. යුරෝපා වෙළඳපොළේ ගෑස් මිල අඩුවැඩි වීම අදාළ කොන්දේසිවලට ගැලපෙන්නේ නම්, එම ක්‍රමය යටතේ ගෑස් මිල ඉහළ නැංවීමේ සීමාව පැයට මෙගාවොට් එකක් සඳහා යුරෝ 275 ක් වනු ඇත. යුරෝපා සංගමයේ සාමාජික රටවල බලශක්ති ඇමතිවරු ඊයේ(24) Brussels නගරයේ දී විශේෂ සමුළුවක් පැවැත්වූහ. එහෙත්, ගෑස් මිල සීමා කිරීමේ ක්‍රමය හා උපරිම මිල සීමාව ඇතුළු තීරණාත්මක කරුණු සම්බන්ධයෙන්  විවිධ මතභේද මතුව ඇති බැවින් ඔවුන් එහිදී කිසිදු අවසන් එකඟතාවකට පැමිණ නැත. 

ගෑස් මිල සීමා කිරීම පිළිබඳව, යුරෝපා සංගමය ලබන මාසයේ යළිත් බලශක්ති අමාත්‍ය සමුළුවක් පැවැත්වීමට නියමිතය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම