චීන - ඇමරිකානු වෙළඳ අංශ ප්‍රධානීන්ගේ හමුව පිළිබඳ චීනය අදහස් දක්වයි
2022-11-25 09:59:02
Share with:

චීන- ඇමරිකානු ආර්ථික වෙළඳ අංශවල නිලධාරීන්ගේ හමුව පිළිබඳව චීන වාණිජ අමාත්‍යංශය අදහස් දක්වයි.

චීන වාණිජ අමාත්‍යංශ ප්‍රකාශිකා Shu Jueting මහත්මිය ඊයේ (24)පැවති මාර්ගගත මාධ්‍ය හමුවේ දී අදාළ තොරතුරු විස්තර කළාය. පසුගිය 18 වනදා චීන වාණිජ අමාත්‍ය Wang Wentao මහතා තායිලන්තයේ APEC සංවිධාන නායකයන්ගේ නිල නොවන රැස්වීම අතරතුර ඇමරිකානු වෙළඳ නියෝජිත Katherine Tai මහත්මිය හමු වී ඇත. එය දෙරට නායකයන්ගේ හමුව පැවැත්වීමෙන් පසු ද්විපාර්ශ්වික වෙළඳ අංශවල ප්‍රධානීන් මුහුණට මුහුණ පැවැත්වූ සාකච්ඡාවකි. චීන-ඇමරිකානු  ‍වෙළඳාම හා සම්බන්ධ ප්‍රශ්න , බහුපාර්ශ්වික හා කලාපීය ආර්ථීක වෙළඳ සහයෝගිතා පිළිබඳව එහිදී සාකච්ඡා කෙරිණ. 

මතභේද නිසි ආකාරයෙන් පාලනය කර, පොදු ජයග්‍රහණ උදෙසා අන්‍යෝන්‍ය විශ්වාසය මත ප්‍රශ්න විසඳා ගැනීමේ ක්‍රමය සොයා ගත යුතු බව චීන වාණිජ අමාත්‍යවරයා   එම හමුවේ දී පවසා ඇත. ඇමරිකාව චීනයට එරෙහිව පනවා ඇති වෙළඳ ආයෝජන සම්බාධක පියවර මෙන්ම චීනයේ තායිවානය හා සම්බන්ධ ප්‍රශ්නය පිළිබඳව අමාත්‍යවරයා  දැඩි කණස්සල්ල පළ කර  තිබේ. අඛණ්ඩව අදහස් හුවමාරු කරගැනීමට දෙපාර්ශ්වයන් එකඟ වූ බවද Shu Jueting මහත්මිය පැවසුවාය.

ගුවන් විදුලිය
20230320සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම