සරම්ප රෝගය ලොව පුරා පැතිර යාමේ අවදානමක්
2022-11-25 14:52:34
Share with:

නව කොරොනා වසංගත බලපෑම් හේතුවෙන්, ලොව පුරා ළමුන් මිලියන 40 කට අධික පිරිසකට  පසුගිය වසරේ සරම්ප එන්නත ලබා දී නොමැති බව හෙළි වේ. මේ නිසා සරම්ප රෝගය ව්‍යාප්ත වීමේ ඉහළ අවදානමක් පවතින බවට  ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ඇමරිකානු රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානය පසුගිය 23 වැනිදා අනතුරු අඟවා ඇත.

මේ වනවිට ලොව පුරා රටවල් 20 කට වඩා වැඩි ප්‍රමාණයක සරම්ප රෝගය පැතිරෙමින් පවතින අතර,  රෝගය බෝවීමේ අවදානම දැඩි ලෙස ඉහළ යමින් පවතී.

එය වසංගතයක් බවට පත්වීම වැළැක්වීම සඳහා එන්නත් අනුපාතය අවම වශයෙන් 95% ක් සපුරාලිය යුතු බව විශේෂඥයන්ගේ ඇස්තමේන්තුවල දැක්වේ.

ලොව පුරා, දැනට සරම්ප එන්නතේ පළමු මාත්‍රාව ලබාසිටින දරුවන් පිරිස  81% ක් වන අතර, මෙය 2008න් පසු වාර්තා වූ පහළම අගය යි. එසේම, ලොව සමස්ත දරුවන්ගෙන් 71% ක පිරිසක් එම එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා සිටිති.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම