පක්ෂ භේදයකින් තොරව ගැටලු විසඳීමට එක්වන්නැයි ජනපතිගෙන් ඇරයුම්
2022-11-25 17:05:03
Share with:

පක්ෂ, විපක්ෂ සියලුදෙනා එක්ව පවතින ගැටලු විසඳීමට සහය වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලාසිටී. ආරක්ෂක අංශ මෙන්ම ත්‍රිවිධ හමුදාවේ වගකීම රාජ්‍යය ආරක්ෂා කිරිමයි. පාර්ලිමේන්තුවේ ඊයේ (24) පැවති ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

ඉදිරියේ දී ආහාර සුරක්ෂිතතා වැඩපිළිවෙළ  සඳහා යුද හමුදාව යොදා ගැනීමට රජය බලාපොරොත්තු වේ.

මානව හිමිකම්වලට මුවා වී ප්‍රචණ්ඩ ක්‍රියා කළ අය ආරක්ෂා කිරීමට ඉඩ නොදෙන බව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය. රට ව්‍යාකූල කිරීමට කිසිවෙකුට ඉඩ දිය නොහැකි බව ද හෙතෙම පැවසීය.

මේ අතර, ආරක්ෂක අමාත්‍යාංශ වැය ශීර්ෂය සංශෝධන සහිතව වැඩි ඡන්ද 81 කින් සම්මත විය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම