Solomon දූපත් රාජ්‍යයේ හටගත් භූමි කම්පාවෙන් විපතට පත් ජනතාව පිළිබඳ චීන ජනපතිගේ සංවේගය පළ වේ
2022-11-25 20:04:16
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, භූමි කම්පාවට ලක්වූ Solomon දූපත් රාජ්‍යයේ මහ ආණ්ඩුකාර ශ්‍රීමත් David Vunagi වෙත සංවේගය පළ කරයි. හෙතෙම අද(25) සිය ශෝක පණිවුඩය යොමු කළේ ය.

ෂී ජින් පිං මහතා එහිදී සඳහන් කළේ Solomon දූපත්වලට උපරිම සහාය ලබා දීමට චීනය සූදානමින් සිටින බවයි.  විපත් ජය ගනිමින්, නිජ බිම යළි ගොඩනැංවීමට එක්වන එරට ජනතාවට  සහයෝගය දැක්වීමට කැමති බව ද ෂී ජින් පිං මහතා සිය පණිවුඩයේ සඳහන් කර තිබේ.

මේ අතර, චීන අග්‍රාමාත්‍ය ලී ක ච්‍යං මහතා, Solomon දූපත් අග්‍රාමාත්‍ය Manasseh Sogavare මහතා වෙත සංවේගය පළ කර තිබේ.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම