ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක්
2022-11-25 16:50:25
Share with:

ඩෙංගු රෝගීන්ගේ වාර්තා වීම සියයට 25කට ආසන්න අගයකින් ඉහළ ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය දැනුම් දෙයි. වසර ආරම්භයේ සිට මේ දක්වා දීපව්‍යාප්තව ඩෙංගු ආසාදිතයින් 65 දහස් 916 දෙනෙකු වාර්තා වී ඇත. පසුගිය වසරට සාපේක්ෂව ආසාදිතයින් වාර්තා වීම තුන් ගුණයකින් ඉහළ ගොස් තිබේ. කොළඹ, ගම්පහ. කඵතර,මහනුවර, කුරුණෑගල යන දිස්ත්‍රික්කවලින් රෝගීන් වැඩි වශයෙන් වාර්තා වෙයි.  ඉන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙනි. ඩෙංගු අධි අවදානම් තත්ත්වයක් පවතින සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 35 ක් නම් කර ඇත. කිසියම් පුද්ගලයෙකු උණ රෝගයෙන් පෙළෙන්නේ නම් හෝ ඩෙංගු බවට සැක කරන්නේ නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වන්නැයි සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටී.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම