රුසියානු පාර්ලිමේන්තුව විදෙස් මැදිහත්වීම්වලට එරෙහි පනතක් සම්මත කරයි
2022-11-25 15:53:48
Share with:

රුසියානු  ඩූමා හෙවත් එරට පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය විදේශ මැදිහත්වීම්වලට එරෙහි පනත් කෙටුම්පත සම්මත කරයි.

ඩූමා  මන්ත්‍රී මණ්ඩලය, විදේශ නියෝජිත නීති සම්පාදනය ප්‍රවර්ධනය පිළිබඳ පනත් කෙටුම්පත  තෙවැනි වර කියවීමෙන් පසු ඊයේ (24) සම්මත කළේය. විදේශ මැදිහත්වීම්වලට විරුද්ධවීම එහි අරමුණයි.

බාලවයස්කරුවන් සඳහා විදේශීය නියෝජිතයන් නිෂ්පාදනය කරන ලද තොරතුරුමය නිපැයුම්, දරුවන්ගේ සෞඛ්‍යයට හා වර්ධනයට හානිකරන තොරතුරු ලෙස සලකන බව ද එම පනත් කෙටුම්පතේ දැක්වෙයි.

දුම්රිය ස්ථාන, ගුවන් තොටුපළවල්, අධ්‍යාපන ආයතන සහ පොදු  ගොඩනැගිලි අසළ රැස්වීම් හා පෙළපාලි පැවැත්වීම ද එමගින් තහනම් කර ඇත.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම