චීන කියුබානු ජනපතිවරුන් අතර සාකච්ඡාවක්
2022-11-25 14:59:22
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති ෂී ජින්පිං මහතා, නිල සංචාරයක් සඳහා චීනයට පැමිණ සිටින කියුබානු කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ ප්‍රධාන ලේකම්, ජනාධිපති Miguel Díaz-Canel Bermúdez මහතා සමග සාකච්ඡාවක් පවත්වයි. එය අද  (25)  උදේ පැවැත්විණ. 

කියුබාව සමග දේශපාලන විශ්වාසය අඛණ්ඩව තහවුරු කර, ප්‍රායෝගික සහයෝගතා පුළුල් කිරීමට චීනය කැමැත්තෙන් පසු වන බව ෂී ජින්පිං මහතා එහිදී පැවසීය. එකිනෙකාගේ කේන්ද්‍රීය ප්‍රතිලාභයන්ට අදාළ අභියෝගවලට අන්‍යෝන්‍ය වශයෙන් සහාය වෙමින්, ජගත් හා කලාපීය කටයුතුවල දී සම්බන්ධීකරණයෙන් කටයුතු කළ හැකි යැයි අපේක්ෂා කරන බව ද ඔහු පැවසීය.  නව යුගයේ චීන-කියුබානු සම්බන්ධතාව ශක්තිමත් කරමින්, ස්වයං ලක්ෂණ සහිත සමාජවාදී මාර්ගයන් හි එක් ව ඉදිරියට යාම තම අපේක්ෂාව බව ද ෂී ජින්පිං මහතා එහිදී අවධාරණය කර ඇත.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම