ඇමරිකාව සහ දකුණු කොරියාවේ ක්‍රියාකලාපය, උතුරු කොරියාව හෙළාදකී
2022-11-24 16:59:29
Share with:

ඇමරිකාව සහ දකුණු කොරියාවේ ක්‍රියාකලාපය, උතුරු කොරියාව හෙළාදකී. උතුරු කොරියානු කම්කරු පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ නියෝජ්‍ය ඇමතිනි කිම් යෝ-ජොං මහත්මිය මේ බව ප්‍රකාශ කළාය.

දකුණු කොරියානු විදේශ අමාත්‍යංශය 22 වැනිදා පැවසුවේ, උතුරු කොරියාවට අතිරේක ඒකපාර්ශ්වික සම්බාධක පැනවීම පිළිබඳව සලකා බලන බවයි. ඒ ඇමරිකානු ගැතිභාවය පිළිබිඹු කිරීමක් බව කිම් යෝ ජොං මහත්මිය කියාසිටී. උතුරු කොරියාව, ඇමරිකානු සහ දකුණු කොරියානු සම්බාධකවලට බිය නොවන අතර, දකුණු කොරියාවේ එවැනි හැසිරීම් සම්පූර්ණයෙන්ම නිෂ්ඵල බව ද නියෝජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළාය.

ඇමරිකාව සහ දකුණු කොරියාව, උතුරු කොරියාව මර්දනය කර සම්බාධක පනවන තරමට, තම රටේ ප්‍රතිප්‍රහාර වඩාත් ශක්තිමත් වනු ඇතැයි ද කිම් යෝ-ජොං මහත්මිය අනතුරු ඇඟවීමක් කළාය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම